Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාරාන්තික ‘නීපා’ වෛරසය රටවල් රැසකට ව්‍යාප්ත වෙයි

2 years ago 7.3 K

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නීපා වෛරස් ආසාදිතයින් සමඟ ගැටුණු දහසකට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.

එමෙන්ම කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙසද දැනුම්දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම මඟින් සහ නිසි සෞඛ්‍ය පුරුදු ලෙස අනුගමනය කිරීම මඟින් මෙම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට හැකියාව පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය 40-75% මාරණ අනුපාතයක් ඇති බවත්, ආසාදනය වීමෙන් පසු මොලයේ සෛල විනාශ වීමට පටන් ගන්නා අතර කෝමා තත්ත්වයට පත් වීමෙන් පසු ආසාදිතයා මිය යා හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *