Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳු හසරංග ගැන ලැබෙන අසුබ පුවත

2 months ago 3.8 K

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ආබාධ තත්ත්වයට පත් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ පාදයේ මස්පිඩු ආබාධය තවමත් සුවවී නැති හෙයින් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

මේ වන විට ඔහු ස්කෑන් පරීක්ෂණ දෙකකට යොමුකොට ඇති අතර, එහිදී අනාවරණයවී ඇත්තේ පාදයේ ආබාධ තත්ත්වය තවමත් යහපත් අතට පත්ව නොමැති බවය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වනිඳු හසරංග සහභාගී කරවීමට සියලු උත්සහයන් ගනිමින් සිටින බවය. “ තව ටික දවසක් යනවා ඔහුගේ තත්ත්වය හරියටම කියන්න. වෛද්‍යවරු උත්සහ කරන්නේ වනිඳු ලෝක කුසලානයට සහභාගී කරවන්නයි“ මහාචාර්යවරයා පැවැසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකා පිල තවත් දින 4කින් ලෝක කුසලාන තරගාවලිය උදෙසා ඉන්දියාව බලා පිටත්වී යෑමට නියමිත බැවින් වනිඳුගේ සහභාගීත්වය ගැටලුකාරීවී තිබේ.

වනිඳු මෙයට මාසයකට පමණ පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ආබාධ තත්ත්වයට පත්විමෙන් අනතුරුව එම තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නොදී විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තේය. අනතුරුව පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම ද වනිඳුට අහිමිවී ගියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *