ලබන මසදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇත.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සංචිතයට වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂණ ඇතුළත් බවය.
නමුත්, ආබාධ තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවට වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන්නේ දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාර සංචිතයට කැඳවා ඇති බවය.
එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.