දර පෝරණු පාන් විකුණන වෙළෙඳසලකින් ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් ඊයේ (22) හමු වී තිබෙනවා.
ඒ මාතර පඹුරණ ප්‍රදේශයෙනි.
පඹුරණ ප්‍රදේශයේ කාන්තාවක් අදාළ වෙළෙඳසලින් ගත් පාන් ගෙඩියක් නිවෙසට ගෙනැවිත් ඇගේ දරුවාට කෑමට දුන් විට මෙම බීඩි කොටය හමු වූ බවයි ඇය පවසන්නේ.
ඇය මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
