දහනව දහසක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බවත්, මහා භාණ්ඩාගාරය දැනුම් දීමත් සමඟ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමුකොට ඇත්තේ.
රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යාංශ බලධාරීන් යෝජනා කොට ඇති බවත් වාර්තා වෙනවා.