සිය දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිතව වසර 12ක සිරදඬුවමක් ඊයෙ පුත්තලම මහාධිකරණය ලබාදී තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා සේවය අත්හිටවූ අයෙක් වන අතර ඔහු අපයෝජනයට ලක් කර ඇත්තේ අවුරුදු හතක් වයසැති ඔහුගේ දියණිය බව පොලීසිය පවසනවා.
දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණය නියෝග කර ඇති අතර එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් නියම කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.