සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එකහමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ඒ අනුව විභාගය පවත්වන නව දිනය ඉදිරි සතියේදී විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනය කරනු ඇති බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.