Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රොබෝවරයෙකුගේ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

1 year ago 4.5 K

මෙම සිදුවීම සිදුව ඇත්තේ දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු හටයි. ආහාර ද්‍රව්‍ය අසුරා තිබූ පෙට්ටි තොගයක් හරියට හඳුනා ගැනීමට නොහැකි වීම මෙම පහරදීමට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මරණකරු එම ආහාර ද්‍රව්‍ය අසුරණය නිවැරදි හඳුනා ගැනීමට උත්සාහ දැරුව ද එයට අපොහොසත් ව තිබෙනවා. ඉන් අනතුරුව මෙම පුද්ගලයා හට රොබෝ යන්ත්‍රය විසින් පහර දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු මියයාමට පෙරද පහර දුන් රොබෝවරයාගේ යන්ත්‍රයේ කටයුතු පරීක්ෂා කර තිබෙනවා. රොබෝ යන්ත්‍රය විසින් මෙම පුද්ගලයාව අල්ලාගෙන පපු පෙදෙස සහ මුහුණ සම්පූර්ණයෙන්ම කුඩු කර ඇති බවත් දකුණු කොරියානු පුවත් ඒජන්සිය නිවේදනය කළා.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි සේවකයා රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා. අදාළ රොබෝ යන්ත්‍රයට පැවරී ඇති රාජකාරිය වන්නේ ගම්මිරිස් දැමූ අසුරණයන් ඔසවා ඒවා පැලට් මතට ගෙන යාමය.

ඊයේ දකුණු කොරියාවේ ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා මෙම රොබෝවරයා පරීක්ෂා කිරීමට මියගිය සේවකයා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔහු මෙම අනතුරට ලක් ව ඇත්තේ. මීට පෙරද දකුණු කොරියාවේ මෝටර් කාර්මික ශිල්පියෙකු ද රොබෝවරයෙකුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *