Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“කිම්බා” රෝමය කළඹයි

2 weeks ago 5.5 K

රෝමයේ ලැඩිස්පොලි නගරයේ ‘කිම්බා’ නම් සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිංහයා නගරයේ සැරිසරන අයුරු නගර වැසියන් දසුන් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී තිබේ.

මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් එකකු බවත්, ඌ සර්කස් කණ්ඩායමෙන් පැන ගොස් නගරයේ සැරිසැරූ බවත් පසුව අනාවරණය විය.

සිංහයාව අල්ලා ගැනීමට පැය පහකට අධික කාලයක් ගත වී ඇති අතර, පසුව සිංහයාව නැවතත් සර්කස් කණ්ඩායම වෙත භාර දී ඇත.

සර්කස් කණ්ඩායමේ භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටියත් සිංහයා අනතුරකින් තොරව, යළි අල්ලා ගැනීම හැකි වුණු බවය.

සිංහයා කූඩුවෙන් එළියට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එය සර්කස් කණ්ඩායමට ප්‍රසිද්ධියක් දීමේ අරමුණින්, සර්කස් කණ්ඩායමේ පිරිස් හිතාමතා කළ බොරුවක් විය හැකි බව පොලිසිය පවසා ඇත.

පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *