ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන මහතා ශ්රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද ඒ මෙතෙක් හෙළි වී නැත.
ඔහු මීට පෙර පැවැති ශ්රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් අතුරෙන් නව පාලක මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේ ද ඒ මහතා ය.