ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් රැස්කර ගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 107කදී එක් හතරේ පහරක් පමණක් එල්ලකරමින් ලකුණු 66ක් රැස්කරගත්තේය.
පන්දු 63කදී හතරේ පහර 4ක් සමග විරාත් කෝලි ලකුණු 54ක් රැස්කළේය.
නායක රෝහිත් ශර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 47ක් රැස්කරගත්තේය.
ඉන්දීය පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් නොදුන් ඔස්ට්‍රේලියා පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවිය.
එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් පන්දුවාර 10ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගත්තේය.