ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය 3කට පමණ අඩපණ වී තිබෙනවා.
හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදුව තිබෙනවා.
ගුවන්තොටුපොළට ආ තවත් මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.
-එන්.ඩී.ටීවි.-