ජනාධිපතිවරයා විසින් සී.ඩී. වික්‍රමරත්නට ලබා දුන් සේවා දිගුව, ව්‍යවස්ථා දායක සභාවේ රැස්වූ අවස්ථාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
මාර්තු මාසයේ සිට රටට ස්ථාවර පොලිස්පතිවරයෙකු නොමැති වී ඇත්තේ මීළග පොලිස්පති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර පවතින පරස්පර අදහස් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ටිරාන් අලස් මහතා පොලිස්පති ධූරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දිය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් පති ධූරය දේශබන්දු තෙන්නකෝන්ට ලබා දීමට විරුද්ධ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ තත්ත්වය මත පසුගිය නොවැම්බර් 03වනදා සිට බලපැවැත්වෙන ලෙස තවත් සේවා දිගුවක්, සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
කෙසේ වෙතත්, ඒ සදහා අනුමැතිය ලබා දීමද ව්‍යවස්ථායක සභාවේ බහුතර සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.