Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකාවෙන් නව සර්ප විශේෂයක් සොයාගනී

1 week ago 4.5 K

වසර 75 කට පසු නව කනඋල්ලන් විශේෂයක් මෙරටින් සර්ප ලෝකයට හඳුන්වා දීමට පර්‍යේෂක මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

දිගු කාලීනව සිදු කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ ගිරිතලේ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මෙම කනඋල්ලන් Indotyphlops combank යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇත.

ශරීරයේ මුළු දිග මිලි මීටර 94-131 ක් පමණ වන මෙම කනඋල්ලන් විශේෂය සමග මෙරටින් වාර්තාවන සර්පයන් සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

නෙතු වික්‍රමසිංහ , දුලාන් ආර් විදානපතිරණ , මහේෂ් සී. ද සිල්වා, කමනි එච්. තෙන්නකෝන් සහ සමීර ආර්. සමරකෝන් යන අය මෙම කණ්ඩායමට අයත් අනෙකුත් පර්‍යේෂකයයෝ වෙති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *