Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලිංගික අතවර චෝදනාවට වරදකරු වුණොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

1 week ago 2.8 K

විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මහතා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *