Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතුන්ට වෙන්කළ කුකුල් මස් රයිස්-කොත්තුවලට ?

8 months ago

අඩු මුදලට සුරතල් සතුන් සදහා විකිණීමට තබා තිබූ කුකුල් මස් කූඨ ව්‍යාපාරිකයින් විසින් මිලදීගෙන රයිස්, කොත්‍තු ආදියට එකතු කරමින් මනුෂ්‍ය පරිභෝජනය සඳහා යොදාගන්නා බවට ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය බලප්‍රදේශයේ පිහිටි ස්ථානයක වැටලීමක් කර තිබේ.

මෙම මස් ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුකුළු ගොවිපලක ප්‍රවාහනයේදී හා නිෂ්පාදන ක්‍රියාවලියේදී මියගිය සතුන් එම ගොවිපලින් ඉතා අඩු මිලට මිලදී ගෙන ප්‍රදේශයේ සත්ව ආහාර ලෙස විකුණන බව එහිදී අනාවරණය වී ඇත.

නමුත් වැටලීම සිදුකරන අවස්ථාවේ තිබූ ඇතැම් මස් තොග සතුන්ට හෝ ආහාර ලෙස ලබාදීමට නුසුදුසු තත්වයේ පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී තිබේ.

ඒ සදහා කිසිදු බලපත්‍රයක් ලේබලයක් හෝ රහිතව විකිණීම සිදුකල නිසා කිලෝග්‍රෑම් 2000ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *