Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

1 week ago 3 K

රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී.ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවට යෝජනා කළා.

එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

‘දැන් මුළු රටේම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවාද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තව දුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.’

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *