Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලෝක කුසලානයට සහභාගී කණ්ඩායම්වලට බෙදයි! ලංකාවටත් ලොකු සල්ලි මල්ලක්!

1 week ago 3.4 K

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ඔස්ට්‍රේලියාව ලෝක ශූරයින් ලෙසින් කිරුළු පළදමින්.

ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිලට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබුවා.

අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග මුදල ඩොලර් මිලියන 2 ක්.

අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිය.

එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවිය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමිවිය.

ඕස්ට්‍රේලියාව ($4.28m)
ඉන්දියාව ($2.36m)
දකුණු අප්‍රිකාව ($1.08m)
නවසීලන්තය ($1m)
පකිස්ථානය ($260,000)
ඇෆ්ගනිස්ථානය ($260,000)
එංගලන්තය ($220,000)
බංග්ලාදේශය ($180,000)
ශ්‍රී ලංකාව ($180,000)
නෙදර්ලන්තය ($180,000)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *