දමිළ සිනමාවේ ප්රමුඛ පෙළේ රංගන ශිල්පියෙකු වන සූර්යා අනතුරකට ලක්ව තිබෙනවා.
රූගත කිරීමක් අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
රූගත කරමින් පැවතුණු ‘කන්ගුවා’ චිත්රපටය භාෂා 10කින් නිකුත් කිරීමට නියමිත චිත්රපටයකි.
මෙම සිදුවීමත් සමග එහි රූගත කිරීම් තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අනතුරින් පසු සූර්යා සිය X (Twitter) අඩවියේ මෙසේ සටහනක් තබා තිබෙනවා.
“මගේ හිතවත් මිතුරු මිතුරියන්ට, සුභ පතන්නන්ට සහ හිතවත් රසික රසිකාවියන්ට, මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන සියලුම පණිවිඩවලට මම අවංකවම ස්තූතිවන්ත වෙමි. මට දැන් සනීපයක් දැනෙනවා … ඔබේ ආදරයට මම ඔබට සැමවිටම ණයගැතියි. “