2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් අද (26) නිවේදනය කෙරුණා.
ගියවර IPL තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙකු ක්‍රීඩා කරනු ලැබුවා.
වනිඳු හසරංග RCB කණ්ඩායම සඳහාත්, භානුක රාජපක්ෂ Punjab Kings කණ්ඩායම සඳහාත්, දසුන් ශානක Gujarat Titans කණ්ඩායම සඳහාත්, මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ Chennai Super Kings කණ්ඩායම සඳහාත් ක්‍රීඩා කරනු ලැබුවා.
ඒ අතරින් මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන ඇති අතර ඉතිරි කණ්ඩායම් සියල්ලම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංචිතවලින් නිදහස් කර තිබෙනවා.