හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී ඒ මහතාට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමැති ධුරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදාගෙන සිටින බවට වාර්තා වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර නසීර් අහමඩ් මහතාගේ ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රී ධුරය ද අහිමි වූ අතර එතැන් සිට ඒ මහතාට ලබා දී තිබූ මෙම ජීප් රථ ආපසු භාර නොදී තමන් සන්නතකයේ තබා ගැනීම බරපතළ වරදක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී නසීර් අහමඩ් මහතාට පරිසර අමාත්‍යාංශය මගින් අංක CAS – 9010 සහ CAO 4118 අංක දරන අති සුඛෝපභෝගී ජීප් රථ දෙක පාවිච්චියට ලබා දී තිබුණා
ඇමැති ධුරය අහිමි වීමෙන් පසු ජීප් රථ දෙක නැවත භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඉකුත් 07 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතද පැමිණිල්ලක් සිදුකර තිබෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පරිසර අමාත්‍යාංශය මගින් හිටපු ඇමැති නසීර් අහමඩ් මහතා දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඒ මහතා පවසා තිබෙන්නේ අදාළ වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි.
එහෙත් මේ වනතුරුත් වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තම අමාත්‍යාංශය මගින් නිකුත් කළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දිය නොහැකි බවයි.