Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිය ගිය බවට තහවුරු කර භූමදානය කළ පුද්ගලයෙක් දින 7කට පසු යළි නිවසට ඇවිත්

10 months ago 7.5 K

මිය ගිය පුද්ගලයෙකුගේ මරණ පරීක්ෂණයක් සිදු කොට භූමදාන කිරීමෙන් දින හතකට පසු එම මිය ගිය පුද්ගලයා තම මව හා ඥාතීන් සමග ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින්.ඒ. මැදිවක ඉදිරියේ යළි පෙනී සිට ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

ගම්පොළ බස් නැවතුම්පොළේදී පුද්ගලයෙකු හෘදාබාධකයකින් මීට මාස දෙකකට පෙර මිය ගොස් ඇති අතර එම මෘත ශරීරය භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ මාස දෙකක් පුරා කාලයක් තැන්පත් කර තිබිණි.

ඒ අතර, පොලිසිය විසින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් යැයි පිරිසක් හඳුනාගෙන තිබිණි.

මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් යැයි හඳුනා ගත් මව සහ සහෝදරයා ඇතුළු පිරිස ගම්පොළ රෝහල වෙත පැමිණ මළ සිරුර පරික්ෂා කර තිබේ.

සහෝදරයා හා ඥාතීන් මළ සිරුර හඳුනා ගැනීමෙන් පසු ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම මළ සිරුර නිදහස් කරන තිබූ අතර එම පිරිස මළ සිරුර මේරිවිලවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ගරු බුහුමන් පවත්වා ආගමික කටයුතු සිදු කර දින 2කට පසු භූමිදානය කර ඇත.

සිද්ධියෙන් දින තුනකට පසු මිය ගිය පුද්ගලයා නිවසට පැමිණ ”අම්මේ මම ගෙදර ආවා යැයි පැවසීම නිසා” පිරිස කලබල වී ”උඹ ගම්පොළදී මැරිලා හිටියා. අපි උඔ ගෙදර ගෙනත් වළ දැම්මා” යැයි සඳහන් කොට තිබේ.

”නෑ.. අම්මේ, මම ගම්පොළ පැත්ත පළාතේ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ” යැයි කී නිසා එම මව, සහෝදරයා හා ඥාතීන් එක්ව එම මිය ගොස් ඇති බව සිතා භූමදානය කළ පුද්ගලයාව කැඳවා ගෙන මෙසේ මරණ පරීක්ෂකවරයා හමුවී තිබිණි.

මෙම පිරිස මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සිද්ධිය විස්තර කර ඇත්තේ, මළ ගෙදරට රුපියල් හැත්තෑ දාහක් විතර වියදම් වුණා යනුවෙන් පවසමිනි.

ඒ අනුව, මරණ පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත භූමදානය කර ඇති පුද්ගලයා පිළිබඳව මෙසේ ගම්පොළ පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

මිය ගියේ යැයි සිතා සිටි පුද්ගලයා දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් තිබෙන බව ත් ඉන්පසුව ඔහු විවාහ වී සිටින තම ගැහැනු දරුවන්ගේ නිවෙස්වල ද සිට ඇති අතර විවිධ රැකියා කිරීම සඳහා එම නිවාසවලින් පිට ද සිටීමට පුරුදු වී තිබූ බව ත් අප වාර්තාකරු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අවසාන කාලයේ මොහු නාවලපිටිය ප්‍රදේශයේ ‌දියණියගේ නිවසේ සිට ඇති අතර වැඩිපුර ම කාලය ගත කර ඇත්තේ නාවලපිටිය නගරයේ හෙයින් දුවගේ නිවසට ද බොහෝ කලකින් ගොස් නොතිබිණි.
සුරංග දිල්හාන් – ගම්පොළ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *