ජනපතිවරයා විසින් ධුරයෙන් පහකරන ලද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා විපක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයට හෝ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස අසුන් ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකව විවේචනය කර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
පොහොට්ටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා වසරකට අධික කාලයක් පොහොට්ටුවෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය ලබා දෙමින් ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා.