පුත්‍රයකු විසින් කැත්තකින් පහර දී තම මව ඝාතනය කළ සිදුවීමක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වාර්තා වනවා.
මවගේ ආහාර රසවත් නොවීම සම්බන්ධයෙන් මව සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු පුත්‍රයා විසින් පසුගිය ඉරිදා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන් පොලිසියට දැනුම්දීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර සොයාගෙන ඇති අතර, පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.
තම මව ඝාතනය කිරීමෙන් පසු සැකකාර පුත්‍රයා ද නිදිපෙති අධිමාත්‍රාවකින් පානය කර ඇති අතර පසුව ඔහුවද රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
මෙලෙස ඝාතනය කළ කාන්තාව ගේ වයස අවුරුදු 55කි.