Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිවයිනේ ජනප්‍රියම උසස් පෙළ ටියුෂන් ගුරුවරයෙකුට වැඩ වරදියි! ලක්ෂ 165ක් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝගයක්!

1 year ago 16.5 K

පානදුර sakkya academy high education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ “බදු ගිවිසුම” උල්ලංඝනය කරමින් මාස හයකට අධික කාලයක් නීති විරෝධීව රැඳී සිටිමෙන් සිදුවූ අගතියට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000.00)වන්දියක් ගෙවන්නැයි නුගේගොඩ දිසා අධිකරණය සක්‍යා අධ්‍යාපන ආයතනයට නියෝග කළේය .

පානදුර සක්‍යා academy ගොඩනැගිල්ල හිමිකාරත්වය දරණ දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම විසින් kohuwala sakya academy high education සමාගමට එරෙහිව පැවරූ බදු දී ඇති දේපල ආපසු ලබා ගැනීමේ නඩුව සලකා බැලීමෙන් පසුව නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි කේ ලියනගේ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය .

විත්තිකාර අධ්‍යාපන ආයතනයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය බදු ගිවිසුම් කාලය 2023 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වී ඇති බවත්,එසේ නීතිවිරෝධීව මාස හයකට අධික කාලයක් රැඳී සිටීම වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ දෙකක බදු මුදලක් ගෙවන ලෙස සිය නියෝගයේ සඳහන් කර ඇත .

එම බදු මුදලට අමතරව රුපියල් ලක්ෂ 72ක ඇප මුදලක් ද අධිකරණයේ තැන්පත් කරන ලෙස දිසා විනිසුරුවරිය විත්තිකාර අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇත .

2023 ජනවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති බදු සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ප්‍රකාරව නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට පෙන්වා දී ඇති දිසා විනිසුරුවරිය මෙම හිඟ බදු මුදල් හා ඇපය දින 14ක් ඇතුළත ගෙවන ලෙසට විත්තිකාර ආයතනයට වැඩිදුරටත් නියෝග කර ඇත. (source – irinewslk)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *