ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විභාග පැවැත්වෙන දින සහ ප්‍රතිඵල නිකුත් කරන දිනයන් නව අධ්‍යාපන ප්රතිපත්තියකට ඇතුලත් කරන බව පවසා තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා විභාග දෙපාර්තමේන්තුව උනන්දුවක් දක්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.