Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘ලොව දුක්බරම අලියා’ ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ මාලි මිය යයි

11 months ago 3.6 K

“ලොව දුක්බරම අලියා” ලෙස ලොවපුරා සත්ත්වවේදීන් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කළ මාලි (Mali) නම් අලියා මියගොස් තිබෙනවා.

පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයේ දශක හතරක් පුරාවටම සියලු දෙනාගේම ආකර්ෂණය දිනා ගත් මාලි සත්ත්ව උද්‍යානයට පැමිණෙන බොහෝ දෙනාගේ ආදරයට ද පාත්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම සත්ත්වයා 1981 වර්ශයේ දී ශ්‍රී ලංකා රජය විසින් පිලිපීනය වෙත පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියයන විට මාලි 49 හැවිරිදි වියේ පසු වී ඇති බවයි.

ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම හස්තියා ඊයේ පස්වරුවේ මියගිය බවයි එරට පශුවෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *