ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වනවා.
ඒ, අදාළ කොන්ත්‍රාත් කාලය අවසන් වීමටත් පෙරයි.
භෞත චිකිත්සකවරයාට අමතරව අභ්යාසකවරයාද කොන්ත්‍රාත් කාලයට පෙර ඉවත්ව ගොස් ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට මුහුණ දෙනු ලබන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිතව තිබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මෙරටදී පැවැත්වෙන තරඟාවලියටයි.