Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනියම් පෙම නිසා රූ රැජිනට කිරුළ අහිමි වෙයි

1 year ago 9.3 K

විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාරදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වාර්තා කර තිබුණි.

මීට පෙර ඇයට විරෝධය එල්ල වූයේ ඇයගේ යුක්‍රේන සම්භවය හේතුවෙනි.

“Shukan Bunshun” නම් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තාකර තිබුණේ ශීනෝ, විවාහක වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් ඇය ඒ සම්බන්ධයෙන් රූ රැජින තරගයේ සංවිධායකයින්ට බොරු කියා ඇති බවත් ය.

එහිදී ඇය පවසා තිබුණේ එම පුද්ගලයා විවාහකයෙක් බව නොදැන සිටි බවයි.

නමුත් ටැබ්ලොයිඩ් පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගම ඇය තමා අසත්‍ය පැවසූ බව පිළිගෙන සිය කිරුළ නැවත බාරදී තිබුණාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *