දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් සහ ආණ්ඩු පක්ෂයේ හා රාජපක්ෂ කඳවුරේ ප්රබලයෙකු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පසුගිය ජනවාරි (25) දින අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සැක සහිත බවත් එම සැක සහිත තැන් සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන ලෙසට සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි ප්‍රියංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත
තම ස්වාමියාගේ රිය අනතුර සිදුවු ආකාරය මෙන්ම රියදුරුගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන එම පැමිණිල්ල සිදුකළ බව නීතිඥ චමරි ප්‍රියංකා සදහන් කළාය.
තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධව අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුවම ඉලක්ක කර ගෙන පැමිණිල්ල ඉදිරිපත් නොකළ බවත් සැබැවින්ම මෙම අනතුරට හේතුව සොයා ගැනීම පැමිණිල්ලේ අරමුණ බවද නීතිඥ චමරි ප්‍රියංකා සදහන් කළාය.
සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවලින් මතුවන මතවාද තම සිතට මහත් බලපෑමක් බවත්, කිසියම් පුද්ගලයෙකු දඬු කඳේ ගසනවාට වඩා අනතුරට සැබෑ හේතුව සොයාගැනීම තම එකම වුවමනාව වු බවද නීතිඥ චමරි ප්‍රියංකා සදහන් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කදාන පොලිස් ස්ථානයට ගොස් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අනතුරට පත් සුඛෝපභෝගී ජීප් රථය පරීක්ෂාවට ලක්කර ඇති අතර තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.