ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ දී වාර්තා පොත් අතරට එක් වීමට පැතුම් නිස්සංක සමත් විය.
ඒ, ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමිනි.
ඒ අනුව 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත් විය.
ඔහු පන්දුවාර 50 අවසානයේ නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 381ක් රැස් කළේය.