Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් නිළධාරීන්ට සුබ පණිවිඩයක්! තිස්හතර දහස් අටසීය දක්වා දීමනාවක් ඉහළ දමයි!

10 months ago 16.3 K

මෙවර අයවැයේ දී පොලිස් නිලධාරින්ට ලබා දීමට තීරණය කර තිබෙන දීමනාවෙන් 50%ක් ලබන සතියේ සිට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඉතිරි දීමනාවද කඩිනමින් ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව එම නිලධාරින්ගේ ආහාර, ගමන් සහ නවාතැන් දීමනා ලබා දෙනු ලබනවා.

දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන නිලධාරින්ට ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ආහාර හා නවාතැන් දීමනා ලබා දීමට කටයුතු කරන බවයි, අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස්පති දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වාත්, පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට පොලිස් සැරයන් දක්වාත් නිලයන් වෙන්කරමින් සකස් කරන ලද කාණ්ඩ තුනක් යටතේ මෙම දීමනාව ලබා දීම සිදු කෙරේ.

මේ අනුව සහකාර පොලිස් අධිකාරි සිට පොලිස්පති දක්වා තනතුරු දරන නිලධාරින් හට ආහාර හා නවාතැන් සඳහා රුපියල් තිස් හතර දහස් අටසියයක දීමනාවක්ද පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින් සඳහා රුපියල් තිස් එක්දහස් දෙසීයක දීමනාවක්ද කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරින් සඳහා රුපියල් විසිඅට දහස් අටසියයක දීමනාවක්ද ගෙවීමට සැලසුම් කර තිබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *