ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් නුවරඑළිය මාගස්තොට පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි.
දරුවා යළි නිවසට පැමිණීමට ප්රමාද වීම හේතුවෙන් කළ සෝදිසි කිරීමකදී දරුවාගේ සිරුර ගසෙහි එල්ලෙමින් තිබෙනු දැක තිබෙනවා.
පවුලේ බාල දරුවා වන මොහුගේ පියාද මීට වසර කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් නිසා මියගොස් තිබේ.
ඔවුන් සිය මව සමග එම නිවසේ වාසය කර ඇති අතර අද පස්වරු 1ට පමණ දරුවා සුපුරුදු පරිදි සෙල්ලම් කිරීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි.
නුවරඑළිය පොලීසිය සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.