Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මල්වතුහිරිපිටිය මෙහෙයුමේදී වෙඩි වැදුණු පොලිස් සැරයන් ජීවිතක්ෂයට

11 months ago 2.8 K

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ ගම්පහ – මල්වතුහිරිපිටිය – බටේපොල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොරබැදීමකදී වෙඩි වැදුණු පොලිසි සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (11) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 51 හැවිරිදි මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිසි සැරයන්වරයෙක්.

මේ අතර මෙම පොලිස් සැරයන්වරයාට වෙඩි තබා ඔහුගේ රජකාරි ගිනි අවිය පැහැරගෙන පළාගිය සැකකරු සහ කාන්තාවක් ද ඊයේ (11) රාත්‍රියේ බිංගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ සිදුකළ වැටලීමකදී අතුරුදන් වූ ගිනි අවිය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහ මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *