09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසි වාරය ආරම්භ වීමෙන් පසු ඇති කළ කාරක සභා කිහිපයෙන් මින්පෙර එම කාරක සභාවල සාමාජිකත්වය දැරූ සමහර මන්ත්‍රීවරුන් ඉවත් කර තිබේ.
මෙහිදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම කමිටුවට මෙවර නම් කර නොතිබීම කැපී පෙනේ.
මුදල් කාරක සභාවේ පෙර සභාපතිවරයා වූ හර්ෂ ද සිල්වාට නැවත එහි සභාපතිත්වය හිමි වූ පසුබිමක චම්පික රණවක මන්ත්‍රිවරයාට සාමාජිකත්වය පවා අහිමි වීම විශේෂත්වයකි.
චම්පික රණවක මහතා එම කාරක සභාවේ සභාපතිත්වය දැරූ කාලය තුළ රජයට ගෙවිය යුතු බදු නොගෙවා පැහැර හැර ඇති අරක්කු සමාගම් ඇතුළු මහා පරිමාණ සමාගම් කිහිපයක් පිළිබඳ හෙළිදරව් කළ අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙහි සාමාජිකත්වය අහිමි කර ඇත්දැයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.
ඔහු විසින් එම නිර්දේශය කරනු ලැබූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකු වූ අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයකටය.
ඊට අමතරව මෙරට සිදු වූ මහා පරිමාණ සීනි වංචාවට වගකිවයුතු මවුජුඩ් සජාඩ්ගෙන්ද අදාළ බදු අය කරගන්නැයි චම්පික රණවක මහතා සභාපතිත්වයෙන් යුතු කමිටුව නියෝග කළේය.
මේ මවුජුඩ් සජාඩ් රාජපක්ෂ පවුලේ හිතවතෙකු මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසගේද සමීපතමයෙකි. ඇයට අයත් ජාල් සැලොන් ජාලයේ ෂැංග්‍රිලාහි පිහිටි ශාඛාවට නොමිලයේ ඉඩ පහසුකම් ලබා දී ඇත්තේද මවුජුඩ් සජාඩ් බව ප්‍රසිද්ධ රහසකි.
ඒ අනුව, චම්පික රණවක මහතා එකවර ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා යන දෙදෙනාම තරහ කරගෙන ඇති අතර, ඒ හේතුවෙන් මෙලෙස කමිටුවෙන් කැපී ගොස් ඇතැයිද දේශපාලන විශ්ලේෂකයෝ කියති.
කෙසේ වෙතත්, චම්පික වැන්නන් මෙම කමිටුවල නොමැති වීමෙන් පාඩුව සිදුවන්නේ ජනාධිපතිට හෝ විපක්ෂනායකට නොව රටට බවද එම විශ්ලේෂකයෝ පවසති. (source – newsi)