ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති විකුම් ලියනගේ මහතා තමන්ගෙන් සමාව ඉල්ලු බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්රසාද පිළිබඳව කාරක සභාව හමුවේ මෙසේ සමාව ඉල්ලුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී තමන් සමග ඔවුන් දෙදෙනා ඇතිකරගත් වචන හුවමාරුවකට අදාලව බවද ඔහු පැවසීය.
සන්නද්ධ හමුදා කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් පිළිබඳව පැවති සාකච්ඡාවකදී මෙම මත ගැටුම ඇති වී තිබේ.
වීරක්කොඩි මහතා පසුව දැනුම්දී තිබුණේ ඔවුන් දෙදෙනා විසින් තමන් බියගන්වමින් සහ තර්ජනය කරමින් අදහස් ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම විමර්ශන වාර්තාවෙන්ද අනාවරණය කර ඇත්තේ මන්ත්රීවරයා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් ලද ප්රතිචාර මත කාරක සභා රැස්වීම උණුසුම් වි ඇති බවයි.
ඒ අනුව මන්ත්රීවරයාගෙන් සමාව ගන්නා ලෙස කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.