Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සනත් නිශාන්තගේ රිය අනතුර ගැන රියදුරුගෙන් පැය 5ක ප්‍රකාශයක්

1 year ago 3.2 K

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණ සම්බන්ධයෙන් මේ වනවිට එම කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් සිදු කරමින් පවතින පසුබිමක කන්ටේනර් රථයේ රියදුරා මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබුණා.

එහිදී, අපරාධ විමර්ශන කොට්ඨාසයට කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

සනත් නිශාන්ත මහතා මිය යෑමට හේතු වූ රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *