Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවේශම්වන්න! ෆේස්බුක් දමන ෆොටෝ උස්සා සිදු කළ මහා පරිමණ ජාවාරමක් කොටුවෙයි!

11 months ago 9.3 K

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් (NIC) නිර්මාණය කර මූල්‍ය වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, සැකකරුවන් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ව්‍යාජ තොරතුරු භාවිත කරමින් ණය ලබා ගැනීමට ද කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බව යි.

සැකකරුවන් ව්‍යාජ ලේඛන යොදා විවෘත කර ඇති බැංකු ගිණුම්වලට මහජනතාව රවටා මුදල් තැන්පත් කර ගැනීමද සිදු කර තිබෙනවා.

ඔවුන් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් (NIC) සහ රියදුරු බලපත්‍ර ඇතුළු වෙනත් ලේඛන නිර්මාණය කිරීමට සමාජ මාධ්‍යවල තොරතුරු සහ ඡායාරූප භාවිතා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

පරිගණක සම්බන්ධ දැනුමැති විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු වන එක් සැකකරුවෙකු ව්‍යාජ ලේඛන නිර්මාණය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 28ක්, ව්‍යාජ රියදුරු බලපත්‍ර 32ක්, ජංගම දුරකතන 3ක්, ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර 5ක්, සිම් කාඩ්පත් 18ක් සහ පරිගණකයක් පොලිස් භාරයට ගත් බව වාර්තා වෙනවා.

ප්‍රධාන සැකකරු ගම්පහ වෑබඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු 27 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *