මෙටා සමාගමෙන් වට්සැප් යෙදවුම නවතම යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එක් චැට් එකක් තුළ pin කිරීමට හැකි පණිවුඩ ගණන තුනක් දක්වා ඉහළ දමා ඇති අතර මින් පෙර pin කිරීමට හැකි වූයේ එක් පණිවිඩයක් පමණයි.
මෙම පහසුකම හරහා පණිවුඩ පමණක් නොව වීඩියෝ, ඡායාරූප, polls ආදියද pin කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව පරිශීලකයින්ට තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් අදාළ පණිඩුය Pin කර තැබිය හැකි බව සඳහන්.
දින 30කට වඩා කාලයක් අදාළ පණිවුඩය මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නම් එය ‘star’ කර තැබීමේ හැකියාව පවතිනවා.