අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තේරී පත්ව තිබෙනවා.
බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම තුන අතරට කමිඳු මෙන්ඩිස්ව නම් කළා.
එම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අනෙකුත් ක්‍රීඩ්කයින් දෙදෙනා වූයේ අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රියි.
ඔහු ප්‍රභාත් ජයසූරියට හා වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රාහණය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙනවා.