ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා උත්සව සමයේ දී දරුවන්ට ආහාර පාන ලබා දීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සැලකිල්ලකින් තොරව දරුවන්ට ආහාර පාන ලබා දීමෙන් දරුවන්ට ලෙඩ රෝග රැසක් වැළඳීමේ අවධානමක් පවතින බවයි.
ඒ අනුව එවැනි ආහාර පාන ලබා දුනහොත් පාචනය, අතීසාරය, උණ සන්නිපාතය වැනි රෝගී තත්ත්වයන් දරුවන් අතර පැතිරීමේ අවධානමක් ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.