Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් සජිත් ළඟට

1 month ago 6.8 K

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය හා එක් වීමට නියමිත බව වාර්තා වනවා.

මෑතකදී සමගි ජන සන්ධානය සමඟින් එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා විසින් මේ බව අනාවරණය කර තිබුණි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඒ සඳහා වන සාකච්ඡා මේ වන විටත් පවත්වමින් ඇති බවයි.

එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් වන බව හෙතෙම පවසනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් ගොඩ නැගී ඇති නව සන්ධානයේ වේදිකාවට ගොඩ වූ මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් අයෙකු ද සමගි ජන සන්ධානය හා එක් වීමට සාකච්ඡා කරමින් සිටින බවයි ගොඩහේවා මන්ත්‍රීවරයා එහි දී පවසා තිබුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *