2021 වසරට සාපේක්ෂව 2024 වසර වන විට වෙළඳපොළ තුළ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල සියයට අනූතුනකින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ ඇඩ්වොකාටා ආයතනය කළ විශ්ලේෂණයකදීයි.
එම විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත්තේ 2021 වසරේදී රුපියල් එකසිය විස්සක පමණ මිලක පැවති සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල මේ වන විට රුපියල් දෙසීයේ සීමාව ඉක්මවා ඇති බවයි.
එම ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක සත්සරණි සිරිවර්ධන මහත්මිය පෙන්වා දෙන්නේ සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මත සියයට පනහක පමණ බදු ප්‍රතිශතයක් පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මහ බැංකුව විසින් 2022ට වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්තාවකට අනුව වාර්ෂිකව සනීපාරක්ෂක තුවා මත පනවන බදු මුදල්වලින් පමණක් රුපියල් මිලියන තිස්හයක ආදායමක් රජය විසින් ලබාගෙන ඇත.
පසුගිය කාල සීමාවේදී සිදු කළ ඇතැම් සමීක්ෂණ මගින් අනාවරණය වූයේ දරාගත නොහැකි සනීපාරක්ෂක තුවා මිල හේතුවෙන් ඇතැම් දැරියන් එම දිනවලට පාසල් පැමිණීමෙන් වැළකී සිටින බවයි.