Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝ ප්‍රකට රූමත් දකුණු කොරියානු ගායිකාවක් අභිරහස් ලෙස මිය යයි

1 year ago 3.5 K

දකුණු කොරියාවේ ප්‍රබල K-Pop ගායිකාවක සහ ගීත රචකාවියක් වන ‘පාර්ක් බෝරම්’ සිය නිවසේදී මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

1994 වසරේ මාර්තු මස 01 වැනිදා උපත ලැබූ ඇය මිය යනවිට 30 වනවියේ පසුවුණා.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ කර නොමැති අතර ප්‍රේක්ෂකයින් සඳහන් කරන්නේ බෝරම් සියදිවි නසාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් ඇයගේ නියෝජිත ආයතනයෙන් හෝ පොලිසියෙන් සඳහන් කර නැහැ.

සිය දසවසරක සංගීත ආගමනය සැමරීම වෙනුවෙන් ඇය විසින් සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියදී ඇයගේ මෙම මරණය අභිරහසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇය මියගිය දිනය ලෙස සටහන් කර ඇත්තේ 2024 මෙම වසරේ අප්‍රේල් 11 ලෙසයි.

රූපවාහිනී ගායන තරඟයකින් K-pop සංගීත කේෂ්ත්‍රයට පැමිණි ‘පාර්ක් බෝරම්’ 2014 වසරේ අගෝස්තු මස 7 වැනිදා සිය මංගල දර්ශනය ආරම්භ කළා.

ගෙවුණු වසර 10ක කාලය තුළ ප්‍රේක්ෂකයින්ට අති විශිෂ්ට නිර්මාණ රැසක් තිළිණ කිරීමට සමත් වු ඇය අවස්ථා කිහිපයකදී සම්මාන කිහිපයකටද පාත්‍ර වුණා.

ඇයගේ මෙම හදිසි මරණය පිළිබඳ ප්‍රේක්ෂකයින් සිය දැඩි කණගාටුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇය මෙම වසර මුලදී නව ගීත දෙකක් නිකුත් කර ඇති අතර ඉදිරි සංගීත කටයුතු සඳහා ද වැඩ කරමින් සිටි ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *