Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රනිල්ට සහය නොදුන්නොත් මා මරා දමනවා කිව්වා! පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක්!

10 months ago 5.6 K

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවති අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කළද ඔහුද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඇතැම් මුග්ධ තීරණ සහ සිදුකළ අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් වූ තමන්වද යොදාගත් බව මෙම සාකච්ඡාවේදී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

තවදුරටත් එසේ මුලා වීමට නොහැකිවීම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් රාජපක්ෂ පාලනයට එරෙහිව සටනක් ආරම්භ කර ඇති බවත් වරෙක රාජපක්ෂලා බිත්තියට හේත්තු කිරීමට තමන් ඇතුළු පිරිසට හැකිවූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනවා.

පසුගිය අරගල සමයේදී මොහු ආණ්ඩුවෙන් ඉවත් වී ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමඟ එක් වී කටයුතු කිරීම ආරම්භ කරන ලදි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *