Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

63 හැවිරිදි අනියම් පෙම්වතා සමගින් එක්වී බිරිඳ 39 හැවිරිදි සැමියාව ඝාතනය කළ බවට සැකයක්! පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවූ දේ!

1 month ago 6.9 K

නිවසක් ගිනිගෙන පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඉකුත් 10 වනදා පොලීසියට වාර්තා වූ සිද්ධිය ඝාතනයක් බවට අක්කරපත්තුව පොලිසිය සැක පළ කරනවා.

එම සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි පුද්ගලයෙක්.

එම නිවසේ මුළුතැන්ගෙය පොල් අතු සෙවිළි කර ඇති අතර එම කොටසට ගිනි ඇවිලී මෙම පුද්ගලයා මිය ගිය බවටයි හඟවා ඇත්තේ.

නමුත් අක්කරපත්තුව රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගෙල කැපීම හේතුවෙන් අධික රුධිරය වහනය වී මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මරණකරුගේ 33 හැවිරිදි බිරිඳ සහ 63 හැවිරිදි ඇගේ අනියම් පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම කෝලාවිල් 02 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අක්කරපත්තුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *