Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රදේශ කිහිපයකින් උණසන්නිපාත රෝගීන් වාර්තා වෙයි! රෝගයෙන් ආරක්ෂාවීමට වෛද්‍යවරුන්ගෙන් ජනතාවට උපදෙස්!

5 months ago 3.4 K

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් උණසන්නිපාත රෝගීන් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නමුත් එය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ඔවුන් සඳහන් කරනවා.

දුර ගමන් බස් රථ නතර කරන ආපනශාලා ඇතුළු ආපනශාලා වලින් ආහාර ගැනීමේ දී වඩාත් සැලකිලිමත්වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අවුරුදු සමයේ දී දරුවන්ට පාචනය සහ උණසන්නිපාතය වැළඳීමේ අවධානමක් පවතින බවත් උත්සව සමයේ දී දරුවන්ට ආහාර පාන ලබා දීමේ දී සැලකිලිමත්විය යුතු බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *