තමන්ටත් තමාගේ ව්‍යාපාරයටත් අසත්‍ය තොරතුරු හා මඩ ප්‍රහාරයන් එල්ල වෙමින් ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා සඳහන් කරයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ වන වගා ව්‍යාපාරවලට හසු නොවන්නැයිද, ව්‍යාජ ස්ථානවල මුදල් තැන්පත් නොකරන්නැයිද කියමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා ප්‍රකාශයක් කරනු ලැබුවා.
නමුත් මහබැංකු අධිපතිවරයා ඍජුව නමක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ විවේචන එල්ල විය.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරන කුමාර ධර්මසේන පවසන්නේ, උක්ත ප්‍රකාශය කොන්ද පණ නැති ප්‍රකාශ බවයි.
වරදක් තිබේ නම් තමාගේ නම ඍජුව කිව යුතු බවද ඔහු කියා සිටිනවා. මාධ්‍යවලට ප්‍රකාශ කරද්දී වගකීමෙන් කළ යුතු බවයි ඔහු කියා සිටින්නේ.
තම ව්‍යාපාරය ඉතා අසීරුවෙන් ගොඩනැගූ ව්‍යාපාරයක් බවත් එය ශ්‍රී ලංකාවේ නීති රීතිවලට අනුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට පිටින් නීති විරෝධී යමක් සිදුවන්නේ නම් තමන්ට එය පැහැදිලි කරන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.
සම්පූර්ණ වශයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන මෙම සමාගමේ නිෂ්පාදන සඳහා ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් එක්වී සිටින බවත් ඕනෑම අයකුට තම කර්මාන්තශාලාව පැමිණ නිරීක්ෂණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසනවා.