බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හය දහසකට අධික පිරිසක් සේවය කළද වසර දහතුනක් තිස්සේ කිසිදු ආකාරයකින් වැටුප් වැඩි නොවීම හේතුවෙන් එම නිළධාරීන් අසීරුතාවට පත්ව සිටින බව බන්ධනාගාර නිලධාරිහු පවසනවා.
බන්ධනාගාර නියාමකවරයකුගේ මූලික වැටුප රුපියල් 24500ක් පමණ වන අතර සියලු දීමනා සමග එය රුපියල් හතළිස් පන්දහසක් පමණ වන බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමග මෙය ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි ඔවුහු පවසන්නේ.
නිලධාරිහු චෝදනා කරන්නේ, පැය අටක සේවා කාලයක් පැවතියද දිවයින පුරා බන්ධනාගාරවල නිලධාරී හිඟය හේතුවෙන් දැනට රාජකාරියේ යෙදෙන නිලධාරින්ට දැරිය නොහැකි තරමට රාජකාරි පැවරී ඇති බවයි.
නිලධාරින්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති අතර සෑම වසරකට වරක් නිලධාරින් වෙනුවෙන් සපත්තු දිය යුතු වුවත් 2022 වසරට අදාළ සපත්තු තවමත් ලැබී නොමැති බවද නිලධාරිහු කියා සිටියි.