නව වසර ආරම්භයේදී කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ, සිකුරු සහ රාහු සමඟ නීචභංග රාජ යෝගය උදාකරමින් හත් වැන්නේ ගමන් කර අතර, කේතු ලග්නයේ කුජ, ශනි හය වැන්නේ රවි, ගුරු, අටවැන්නේ සහ සඳු දහයේද ගමන් කරයි. රවිගෙන් මයුරපාල යෝගයද සෙනසුරුගෙන් ජය යෝගය ද සිකුරුගෙන් මාලවී යෝගයද උදාව පවතී.
ගෘහ ජීවිතය
කන්‍යා ලග්න හිමියන්ට යහපත් වසරක් බව කිව හැකිය. වස්තුව හා සැප සම්පත් හිමිකම් සහිතය. ප්‍රීතියෙන් යුතුව කාලය ගත කරන්නට හැකිවෙයි. සතුරු කරදර ඇත්නම් ඒවා අවම වී යන කාලසීමාවකි. මේ කාලසීමාවේ ඔබට සතුරන් නොමැති තරම්ය. ඔබ යටතේ සේවය කරන සේවකාදින්ගේ ගෞරවාදරයට කාන්යා ලග්න හිමි ඔබ ලක්වනු ඇත. විවාහ වන වයස නම් යහපත් විවාහයක් සිදු වෙයි. විවාහ දිවියේ යම් යම් අඬදබර ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. අන්‍යයන්ට කතා කිරීමේ දී ඒ පිළිබඳ වචන හැසිරවීම යහපත් ලෙස සිදු කිරීමට වගබලා ගත යුතුය. කන්‍යා ලග්නයට බුධ, සිකුරු යෝග කාරක වේ. බුධ, සිකුරු දශා ගත කරන අයට යහපත් වේ.
සතුටුදායක ගමන් බිමන් යෙදෙන අතර කරන කියන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්ද සාර්ථක වේ. කුමන කරුණකින් හෝ ප්‍රසිද්ධිය ඇතිවේ. කුජ දශා ගත කරන අයට කලාව, සාහිත්‍ය මෙන්ම ආධ්‍යාත්මික අංශවලටද යොමු වේ. ගුරු දශා ගත කරන අයට ද කරදර බාධා අසහන ඇතිවීමට ඉඩ තිබේ. වියදම් වැඩි වේ. දියුණුව ප්‍රමාද වේ. සඳු දශාගත කරන අයට ගමන්බිමන් යෙදේ. රාහු දශා ගත කරන අයට යුගදිවියේ ප්‍රශ්න, කරදර ඇති විය හැකිය. වියදම් වැඩි වේ. අස්ථාන චෝදනා එල්ලවිය හැකිය. කේතු දශා ඇති අයට ද එසේමය
රැකියාව හා ආර්ථිකය
යහපත් ව්‍යාපාර හා රැකි රක්ෂා කටයුතුවල යෙදීමට හැකි වන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ලැබෙන ලාභ අලාභ පිළිබඳව හොඳින් විමසා බලා එම ව්‍යාපාරවල යෙදීමට වගබලා ගත යුතුය. මේ කාලය ඇවිදීම් සහිත රැකිරක්ෂාවලට අවතීර්ණ විය හැකි කාලසීමාවක් වෙයි. රැකියා ආදී සියලු කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව උදාවේ. තම කටයුතු ගැන දැඩි අවධානයකින් කටයුතු කරයි. ව්‍යාපාර සාර්ථක වේ. රවි දශාගත කරන අයට ධනය ලැබීම මෙන්ම ධන හානි ද ඇති විය හැකිය. කුජ දශා ගත කරන අයට තරමක් සුබ මදි. ආර්ථික අපහසුතා ඇති වේ. නමුත් ව්‍යාපාර අංශවලට සුබයි. සෙනසුරු දශා තිබේ නම් සතුරු කරදර රෝග පීඩා ගැන අවදියෙන් කටයුතු කිරීමෙන් ඒවා මඟහරවා ගත හැකිය. එවිට දිවි මග ජය ගත හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාලසීමාවකි. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විභාග ජය හිමිය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගමන් හිමිකම් ලැබේ. විශේෂයෙන් පොත්පත් ශාස්ත්‍රීය වැඩ කටයුතු සඳහා සුබ කාලයකි. එම කටයුතුවලින් ලාබ ලැබෙනු ඇත. ඉගෙනීමේ යෙදී සිටින අයගේ එම කටයුතු දියුණු වේ. තරග විභාග ආදියෙන් ජය ලැබේ. මැයිවලින් පසු අධ්‍යාපනය සඳහා විදේශගත වීමටද හැකියාව ලැබේ. ඒ ගැන උනන්දු වන්න. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුවට යම් යම් බාධා ඇතිවෙයි. උනන්දුවෙන් කටයුතු කිරීමෙන් බාධක ජය ගත හැකිය.
සෞඛ්‍යය
ඈළිමෑළි ගතිය පහවී යහපත් ශාරීරික ක්‍රියාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්නට ඉඩ ප්රස්ථා හිමිවෙයි. වැටීම් තැළීම්වලින් ආරක්ෂා විය යුතුය. බඩේ අජීර්ණ සෑදිය හැකිය. ගර්භාෂගත රෝග ඇති විය හැකිය. උෂ්ණාධික රෝගාබාධ ඇති විය හැකිය. මුත්‍රා වකුගඩු ආශි‍්‍රත රෝග පීඩා යෙදිය හැකිය. බෝධි පූජා පවත්වන්න. රවි දශා ගත කරන අය ගින්නෙන්, විදුලියෙන්, හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. කුජ දශා ගත කරන අයට උදරගත රෝග පීඩා යෙදිය හැකිය.
අය – 11 වැය – 05
සුබ වර් ණය –කොළ
සුබ මැණික් – පද්මරාග, රතුකැට
ජය දින – බදාදා, සිකුරාදා
ජය අංක – 6, 9
(ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය – සුබසෙත)